himantha

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සෑම විටම සැදී පැහැදී හිඳිනුයේ දේශීය නවෝත්පාදන දිරිගන්වමින් එම නව නිපැයුම් ආර්ථිකමය වශයෙන් ඵලදායීව යොදාගැනීමට නිපැයුම්කරුවාට මඟ පෙන්වීම වෙනුවෙනි.

එම අරමුණ යථාර්තයක් කරලීම සඳහා “සහසක් නිමැවුම්” වැනි නවෝත්පාදන තරඟ, ප්‍රදර්ශන යනාදිය පැවැත්වීම, “ජනාධිපති සම්මාන” ප්‍රදානය, නව නිපැයුම් කව පවත්වාගෙන යාම, “තාක්ෂණික බීජෞෂණ මධ්‍යස්ථාන” පිහිටුවීම හා “නව නිපැයුම් දිරිය” වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ජාත්‍යන්තර තරඟ ප්‍රවේශය ලබාදීම, නව නිපැයුම්කරුවන්ගේ ගැටළු හඳුනාගැනීමේ වැඩසටහන් සංවිධානය යනාදී වූ තාක්ෂණික හා මූල්‍යමය සහාය ලබාදීම වෙනුවෙන් විශේෂිත වැඩසටහන් මෙහෙයවනු ලබයි.

මෙවන් කාර්යභාරයන් තුලින් නිසි ප්‍රයෝජන අත්විඳිනා නව නිපැයුම්කරුවෝ බොහෝ ය. ඔවුන් වෙතින් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වෙත ලැබෙන ප්‍රශංසාවන් අප ඉතා නිහතමානීව අගය කරන්නෙමු. මතු දැක්වෙනුයේ ඩබ්. ඩී. ශෂික ශ්‍රීමාල් ප්‍රනාන්දු නව නිපැයුම්කරු විසින් යොමු කරන ලද එවන් ප්‍රශංසාවකින් උපුටා ගන්නා ලද්දකි.

“මම හිමන්ත රන්දිම. මම නව නිපැයුම් කරුවන්ගේ කොමිසම සමග කාලයක පටන් සම්බන්ධවී වැඩ කරනවා. මා නිපදවූ corona සම්බන්ධව නව නිපැයුම සුළු දැනුම් දීමකින් මා හට කතාකර පේටන්ට් බලපත්‍රය නොමිලේ ලබාදීමට කටයුතු කර එහි ඉදිරි වැඩි දියුණු කිරීමට මා තෝරා ගැනීම සම්බන්ධයෙන් මා ඔබ ආයතනය වෙත මගේ ගෞරවාන්විත හදපිරි ප්‍රණාමය පුදකර සිටින්නෙමි. එසේම උදව් කල සැමට මගේ හදපිරි ප්‍රණාමය.”