The Sri Lanka Inventors Commission has implemented a program aimed at nourishing Sri Lankan inventors with knowledge and providing them with the necessary capabilities to successfully advance their inventions, thereby achieving “Capacity Development”.
Under this program, the Commission has arranged to offer more than 26 short-term courses to inventors through institutions such as the “Sri Lanka Standards Institution (SLSI)”, “The Open University of Sri Lanka (OUSL)”, “The Institute of Chartered Accountants of Sri Lanka (CASL)”, “Industrial Development Board (IDB)”, “Industrial Technology Institute (ITI)”, and the “Arthur C. Clarke Institute for Modern Technologies (ACCIMT)” to obtain the necessary external knowledge.
The Commission will pay a course fee of up to a maximum of Rs. 20,000/- for inventors who qualify for the short-term courses facilitated by the Commission.
Apply now. For further details, visit https://slic.gov.lk/short-courses/ or https://shorturl.at/mclrB . Documents containing further information about this program can be downloaded there.
To download the application form, visit https://shorturl.at/lqpoN . The relevant application and all copies that should be submitted with the application must be sent as a single document via registered post or email to reach the Commission on or before 22.05.2026.
For further clarifications, contact us via the telephone number 0112676649.
GUIDELINE
APPLICATION
COURSE DETAILS
MARKING SCHEME
ශ්‍රී ලාංකීය නව නිපැයුම්කරුවන් දැනුමින් පෝෂණය කර සිය නව නිපැයුම් සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ශක්‍යතාවයන් නව නිපැයුම්කරුවන් වෙත ලබා දී ඔවුන්ගේ “ධාරිතා සංවර්ධනය” අපේක්ෂා කරගනිමින් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
මෙම වැඩසටහන යටතේ නව නිපැයුම්කරුවන් වෙත අවශ්‍ය බාහිර දැනුම ලබාගැනීම සඳහා “ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI)”, “ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය (OUSL)”, “ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය (CASL)”, “කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)”, “කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ “නවීන තාක්ෂණය පිලිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය (ACCIMT)” ආදී ආයතන හරහා කෙටි කාලීන පාඨමාලා 26ට අධික සංඛ්‍යාවක් නව නිපැයුම්කරුවන් වෙත ලබාදීමට කොමිසම මඟින් කටයුතු සූදානම් කර ඇත.
කොමිසම මඟින් පහසුකම් ලබා දෙනු ලබන කෙටි කාලීන පාඨමාලා සඳහා සුදුසු කම් ලබන නව නිපැයුම්කරුවන් හට උපරිමය රුපියල් 20,000/- ක් දක්වා පාඨමාලා ගාස්තුවක් කොමිසම විසින් ගෙවීම් කරනු ලබයි.
ඔබත් දැන්ම අයදුම්කරන්න. වැඩිදුර විස්තර සඳහා https://slic.gov.lk/short-courses/ වෙත හෝ https://shorturl.at/mclrB වෙත පිවිසෙන්න. මෙම වැඩසටහන පිළිබඳව වැඩිදුර විස්තර ඇතුලත් ලේඛන එහිදී භාගත කරගත හැක.
අයදුම්පත භාගත කිරීම සඳහා https://shorturl.at/wlwRP වෙත පිවිසෙන්න.
ඔබගේ අයදුම්පත 2026.05.22 දින හෝ එදිනට ප්‍රථමව කොමිසම වෙත ලැබෙන පරිදි අදාල අයදුම් පත සහ අයදුම් පත සමඟ යොමුකළ යුතු සියලුම පිටපත් තනි ලේඛනයක් ලෙස ලියාපදිංචි තැපෑල ඔස්සේ හෝ විද්‍යුත් තැපෑල ඔස්සේ යොමුකල යුතුය.
වැඩිදුර පැහැදිලි කිරීම් සඳහා 0112676649 දුරකථන අංකය ඔස්සේ අප අමතන්න.