පේටන්ට් බලපත්‍ර යනු නව නිපැයුම් සඳහා රජය විසින් ලබා දී ඇති බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ය. නව නිපැයුමක් යනු නව නිෂ්පාදනයක් හෝ මහජනයා නොදන්නා හෝ ස්වභාවධර්මයේ නොපවතින ක්‍රියාවලියක් නිර්මාණය කිරීමයි. එවැනි නිෂ්පාදන නව නිපැයුම් සඳහා සරල උදාහරණ වන්නේ පෑනක්, මෙවලමක්, යන්ත්‍රයක්, ඖෂධ යනාදියයි. එවැනි ක්‍රියාදාම නව නිපැයුම් සඳහා උදාහරණ වන්නේ මුහුදු ජලයෙන් ලුණු නිස්සාරණය කිරීම, ඖෂධයක් නිපදවීමේ ක්‍රියාවලිය, මෙවලමක් සෑදීමේ ක්‍රියාවලිය යනාදියයි.

ඖෂධයක් සෑදීම වැනි වූ නිෂ්පාදන හා ක්‍රියාවලි නව නිපැයුම් දෙකටම අයත් සමහර නව නිපැයුම් තිබිය හැකිය. ක්‍රියාවලියන් මෙන්ම නිෂ්පාදිතය නව නිපැයුම් ද වේ. අපි එවැනි නිෂ්පාදනයක් මිලට ගන්නා විට, ඒවායේ හුදෙක් භෞතික වටිනාකමට පමණක් නොව, නිෂ්පාදනයේ අන්තර්ගත කර ඇති නිර්මාණශීලීත්වයට ද ගෙවන්නෙමු. උදාහරණයක් ලෙස, අපි ඉලෙක්ට්‍රොනික උපකරණයක් මිලට ගන්නා විට, භෞතික වටිනාකම ඉතා අඩු විය හැකි නමුත්, මිලදී ගැනීමේ මිල තීරණය වන්නේ ඉලෙක්ට්‍රොනික් මූලද්‍රව්‍ය එකට තැබීමේ හා නිර්මාණශීලිත්වය සඳහා එකතු කළ අගයෙනි. එවැනි නව නිපැයුම් අදහස් පේටන්ට් බලපත්‍රයක් ලෙස හැඳින්වෙන ලේඛනයකින් ආරක්ෂා වේ. පේටන්ට් බලපත්‍රයක් ලබා දෙනු ලබන්නේ අයදුම්කරු විසින් තම නව නිර්මාණයට අදාලව භාරදෙනු ලබන පේටනට් අයදුම්පත සදහාවූ පරීක්ශණ ක්‍රියාවලියකින් පසුව වේ.

පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා යමෙකු අදාළ ජාතික බුද්ධිමය දේපල කාර්යාලයට අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු අතර, අදාළ රටේ නෛතික විධිවිධාන මත පදනම්ව සාමාන්‍යයෙන් අවුරුදු 15-20 අතර කාලයක් සඳහා අයිතිය ලබා දෙනු ලැබේ. වෙළඳ රහස් හි ද, නව නිපැයුම් සදහා වන පේටන්ට් බලපත්‍රවලට සාපේක්ෂව සමානකම් මෙන්ම වෙනස්කම් ද ඇත.”

වීඩියෝ මාර්ගෝපදේශය









අයදුම් පත්‍ සහ මාර්ගෝපදේශ

nipo.gov.lk වෙත පිවිස අයදුම්පත සහ මාර්ගෝපදේශ ලබා ගන්න.