[fts_facebook type=album_photos id=1002203193187359 access_token=EAAP9hArvboQBAMACVzwJusTrNSFuczF3iPTcG64rYIDFRwoc6dRqyReHqSiuHqS8JoiX8Qe4KpfRYGjbZCxnDEnbjoEh9YZCx6jvszZByuOXMKuJdqFhJ5Hp047WvzFVuK2sT4pL9YpDkLLJMRgH36OpWT2CvECPZBM9McdVngZDZD posts=6 description=no album_id=460736096153336 image_width=250px image_height=250px space_between_photos=1px hide_date_likes_comments=no center_container=yes]

ජාතික නව නිපැයුම්කරුවන්ගේ දිනය පාදක කර ගනිමින්, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සංවිධානය කළ “සහසක් නිමැවුම් 2021” ජයග්‍රාහකයන් ඇගයීම, පසුගිය දා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන්නට යෙදුණි. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිමාලි වටලියද්ද, අධ්‍යක්ෂ ජනරාල් කුමාරි මීගහකොටුව, අධ්‍යක්ෂ ජනරාල් පී. එම්. ධර්මතිලක යන මහත්ම මහත්මීන් වි‍ශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වූ අතර වර්තමාන කොමසාරිස් ධූරය හොබවන මහාචාර්ය එන්. එම්. එස්. සිරිමුතු මහතා සහ කොමිසමේ අධ්‍යක්ෂක එන්. එන්. ඩබ්. දොළවත්ත මහතා සහ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් සම්පත් දායකත්වය සැපයූ මහාචාර්යවරු, ආචාර්යවරු, ශ්‍රී ලංකේය නව නිපැයුම්කරුවන් ඇතුළු 200ක පමණ සම්භාවනීය පිරිසක් සහභාගී විය .

ඒ අනුව 2021 වර්ෂය වෙනුවෙන් පාසල් අංශයේ නව නිපැයුම් සඳහා රන් සම්මාන 04ක්, රිදී 13ක් හා ලෝකඩ 14ක් ද විශ්වවිද්‍යාල හා තෘතියික අධ්‍යාපන ආයතන අංශය සඳහා රන් සම්මාන 10ක්, රිදී 17ක් හා ලෝකඩ සම්මාන 10ක් මෙන්ම විවෘත අංශය සඳහා රන් සම්මාන 11ක්, රිදී 17ක්, ලෝකඩ 15ක් සහ වාණිජකරණය වූ නව නිපැයුම් අංශය සඳහා රන් සම්මාන 05ක් හා රිදී සම්මාන 04ක් ප්‍රදානය කරන ලදී.

පාසල් අංශයේ කණිෂ්ඨ දසිස් කුසලානය දිනාගැනීමට “Smart Dustbin” නව නිපැයුම ඉදිරිපත් කළ යාපනය චුන්දිකුලි කාන්තා විද්‍යාලයේ වෛශ්නවී කරුණානන්දන් ශිෂ්‍යාව සමත් විය. විශ්වවිද්‍යාල හා තෘතියික අධ්‍යාපන ආයතන අංශයේ දසිස් කුසලානය හිමි වූයේ “ජෛව හරිත පොස්පේට් නිෂ්පාදන” නව නිපැයුම යි. එය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තුලිත සිහලිඳු රන්වල සිසුවා ගේ නිපැයුමකි. වාණිජකරණ අංශයේ දසිස් කුසලානය ජයග්‍රහණය කිරීමට “Utech Blackbox Telematic Device” නව නිපැයුම සමත් විය. එය Utech Technologies ආයතනයේ නිපැයුමකි. විනිශ්චයන්ට අනුකූලව විවෘත අංශය සඳහා මෙවර දසිස් කුසලානය ප්‍රදානය නොකෙරුණි.