මම දේශබන්දු සමන් හෙට්ටිආරච්චි .2019 වර්ෂයේ දී මා විසින් නිර්මාණය කරන ලද නිර්මාණය සඳහා රන් සම්මානය ද ජීවිතදේ එක්වරක් ලබාගත හැකි දසිස් සම්මානය ද ලබා ගත් නව නිපැයුම් කරුවෙක් වෙමි. මේ සඳහා මේ ආ ගමන් මාර්ගය වෙනුවෙන් මෙම සම්මාන ලබා ගැනීම සඳහා මට ශක්තියක් වූයේ ශ්‍රි ලංකා නව නිපැයුම් කොමිසමයි. එයට හේතුව වනුයේ එම තරගය සඳහා අවශ්‍ය සියලු තත්ව වාර්තා අයී.ටී.අයී. ආයතනයෙන් ලබා ගැනීමට සිදු වූ අතර ඒ සඳහා විශාල මුදලක් මා වෙනුවෙන් මෙම ආයතනය දරා ගැනීමයි. ඒ මොහොතේ පටන් මේ මොහොත වන තෙක් මා කල සෑම නිර්මාණයක් පිටුපසම ශ්‍රි ලංකා නව නිපැයුම් කොමිසම සහෝදරයෙක් ලෙස මෙන්ම ගුරුවරයෙක් ලෙස ද මට සහයෝගය ලබා දුන්හ. 2020 වර්ෂදේ දී රටේ පවතින භයානක වයිරස් උවදුර වෙනුවෙන් මා විසින් නිර්මාණය කරන ලද බෙහෙත් ගැල් වූ මුඛ ආවරණය සඳහා ද ඔවුන් මට විශාල සහයෝගයක් මේ වන විටත් දෙමින් පවතී. මේ සඳහා අවශ්‍ සියලුම තාක්ෂණික තොරතුරු හා ඒවා

ලබා ගන්නා ආයතනයන් සඳහා ද මා යොමු කර ඇත. මෙහි සියලු වියදම් ඔවුන් දරා ගනිමින් අප විසින් කරන මෙම නිර්මාණයට එම කොමිසම මගින් විශාල වටිනාකමක් සලසා දී ඇත.

මෙහි දී එම ආයතනයේ කොමසාරිස්තුමා වන හල්වතුර මහතා ද, එන්. එන්. දොලවත්ත මහතා ද එහි කාර්ය මණ්ඩලය ද දක්වන සහයෝගය ඉතා ගෞරවයෙන් මම සිහිපත් කරමි. මේ නිසා අලුත් නව නිර්මාණ කිරීමට දැඩි කැපවීමක් කිරීමට සිත් දෙන අතර මෙවැනි ආයතනයක් හා සහෝදරය කාර්ය මණ්ඩලයක් සිටීම ශ්‍රි ලාකාව වැනි රටක අපට මහත් අභිමානයක් ගෙන දෙන්නකි.