ස්වයං නිරෝධනකරුවන්ට හා ඔවුන්ගේ නිරීක්ෂණ නිලධාරීන්ට අවශ්‍ය වන පළදින රැහැන් රහිත ද්විත්වමාර්ග සන්නිවේදන උපකරණයකි. පරිගණකයට හෝ දුරකථනයකට පුද්ගලයා ගමන් කල මාර්ගය, ශරීර උෂ්ණත්වය වැඩි වීම, ලේ වල තිබෙන ඔක්ෂිජන් මට්ටම පහල යාම පෙන්නුම් කර එම තොරතුරු ගබඩා කර තබා ගනී. ස්වයං නිරෝධනකරුවා ගමන් කල ස්ථාන හදුනා ගත හැකි වීම මෙහි ඇති විශේෂ ලක්ෂණයකි. උණ ගැනීම හා ලේ වල ඔක්ෂිජන් මට්ටම පහල යාම කල් තියා දැන ගැනීම මගින් PCR පරීක්ෂණයට යොමු කර රෝගය වැළදී තිබේදැයි යන්න තහවුරු කරගෙන පැතිරයාම වැලැක්වීම හා නොදැනීම රෝගය උත්සන්න වී ජිවිත අවධානමකට ලක්වීම වලක්වා ගත හැක. විශාල පිරිසක් එක් පරිගණකයකින් එක් නිලධාරියෙකුට අධීක්ෂණය කළ හැක.වසංගතයෙන් පසුව රෝගීන්ට උණ ස්වයංක්‍රියව සංඥා කරන හා ලේ වල තිබෙන ඔක්ෂිජන් මට්ටම පහල යාම නිවසේදීම හදුනාගැනීම මගින් විවිධ රෝග රැසක් කල් තියා දැනුම් දෙන උපකරණයක් ලෙස යොදා ගත හැක. අපස්මාර රෝගින් සිහිසුන් වූ විට ඔවුන් සිටිනා තැන බලා ගත හැකි මෙන්ම වලිප්පුව, පිළිකා ආසාදිත, ගර්භණි, නේවාසික හා රෝහල් ගත බාල මහළු සියලුම රෝගීන්ට ප්‍රයෝජනවත් උපකරණයකි.