පළාත් නව නිපැයුම් දැනුවත් කිරීම සහ තරඟය

Select Language

පළාත් දැනුවත් කිරීම

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මඟින් සංවිධානය කරනු ලබන 2024 වසරේ “සහසක් නිමැවුම්” ජාතික නව නිපැයුම් තරඟය සඳහා දීප ව්‍යාප්ත මට්ටමෙන් නව නිපැයුම් සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එම සැලස්ම මාර්ගෝපදේශය මගින් දක්වා ඇත.

උක්ත සඳහන් ඔබගේ පළාතට අදාල පූර්ව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ සඳහා නව නිපැයුම්කරණය කෙරෙහි උනන්දුවක් දක්වනු ලබන්නන් හට සහභාගීවීමට හැකියාව පවතී.

පළාත් මට්ටමේ පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා ලියාපදිංචිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදුකල හැකිය. ඉඩ සීමිත බැවින් පළමුව ලියාපදිංචි වන පිරිස සඳහා පමණක් අවස්ථාව සැලසෙනු ඇත. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි සාර්ථකව වීමෙන් අනතුරුව ඔබගේ ලියාපදිංචිය තහවුරු කරමින් තහවුරු විද්‍යුත් ලිපියක් ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ලැබෙනු ඇත. එහිදී සහභාගී වීමට අපේක්ෂා කරන පළාත් දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා “වෙනත් වැඩසටහනක් සඳහා උත්සාහ කරන්න. අදාල වැඩසටහන සඳහා වන උපරිම ප්‍රමාණයට ලියාපදිංචිය සිදුව අවසන්ය” ලෙස සඳහන්ව ඇත්නම් ඉඩ සීමිත හෙයින් ඔබගේ ලියාපදිංචිය අනුමත වී නොමැති බව එමඟින් දැනුම් දෙනු ලබයි.

වැඩිදුර විස්තර සඳහා 0112676650 සහ  0112676645 දුරකථන මාර්ග ඔස්සේ කොමිසමේ ව්‍යාපෘති අංශය අමතන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

පළාත් මට්ටමේ පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා ලියාපදිංචිය සඳහා පහත සබැඳියන් තුලින් යොමුවන්න.

පළාත් තරඟය

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් “සහසක් නිමැවුම් – 2024” ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරඟය සඳහා නව නිපැයුම්කරුවන් තෝරාගැනීම පළාත් මට්ටමින් සිදුකරනු ලබයි. නව නිපැයුම්කරුවන් තෝරාගැනීම පළාත් මට්ටමින් තෝරාගැනීමේ වැඩසටහන නොමිලයේ කොමිසම මඟින් පවත්වනු ලබයි.

පළාත් මට්ටමේ නව නිපැයුම් තෝරාගැනීමේ තරඟයට ඉදිරිපත් වීමට අදාල තරඟ කොන්දේසි ද මේ සමඟ අමුණා ඇති අතර ඒ වෙනුවෙන් සම්බන්ධ වීමට කැමති නව නිර්මාණකරුවන්, සම්පුර්ණ කරන ලද අයදුම්පත්, ඉදිරිපත් වන පළාත අනුව නියමිත කාලසීමාවන් අවසන් වීමට ප්‍රථම කොමිසම වෙත ලැබීමට සැලැස්විය යුතුය.

පළාත් මට්ටමේ පූර්ව නව නිපැයුම් තෝරාගැනීමේ වැඩසටහන් සඳහා ලියාපදිංචිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙන්ම කොමිසම මඟින් පළකර ඇති අයදුම්පත්‍රය සම්පුර්ණ කර එවීම මඟින් ද සිදුකල හැකිය. එම අයදුම්පත්‍රය කොමිසමේ වෙබ් අඩවියේ “භාගත කිරීම්” (Downloads) හි පළාත් නව නිපැයුම් ඇගයීම් (Provincial Inventions Evaluation) වෙත පිවිසීම මඟින් හෝ https://shorturl.at/kBKV1 යන සබැඳිය ඔස්සේ පිවිසීම මඟින් භාගත කරගත හැක.

වැඩිදුර විස්තර සඳහා 0112676650 සහ  0112676645 දුරකථන මාර්ග ඔස්සේ කොමිසමේ ව්‍යාපෘති අංශය අමතන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

පළාත් මට්ටමේ නව නිපැයුම් තෝරාගැනීමේ වැඩසටහන් සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචිය වෙනුවෙන් පහත සබැඳියන් තුලින් යොමුවන්න.

Tea Talk

දේශීය ආර්ථිකයේ සුවිශේෂී ස්ථානයක් දිනා ගත් තේ කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාව නැවතත් ලොව පළමු පෙළ තේ සැපයුම්කරු බවට පත් කිරීමේ ඉලක්කය හඹා යෑම වෙනුවෙන් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් සංවිධානය කරනු ලබන නව නිපැයුම්/නවෝත්පාදන තරඟයයි.