“කොවිඩ් 19 පිටුදකිමු” – නවනිපැයුම් වාණිජකරණය සඳහා යොමුකිරීම

“කොවිඩ් 19 පිටුදකිමු” – නවනිපැයුම් වාණිජකරණය සඳහා යොමුකිරීම ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය ගරු (මහාචාර්ය) චන්න ජයසුමන මහතා, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය ගරු (විශේෂඥ වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය. එන්. එම්. එස්. සිරිමුතු මහතා, සහකාර කොමසාරිස් මහාචාර්ය. නීලිකා මලවිගේ, සහකාර කොමසාරිස් වෛද්‍ය. අනුප හේරත්, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ අධ්‍යක්ෂ /ප්‍රධාන විධායක නිළධාරී ඒන්. ඒන්. ඩබ්. දොලවත්ත මහතා, අමාත්‍යංශ නිලධාරින්, නවනිපැයුම්කරුවන් මාධ්ය නිලධාරින්, ආයෝජකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් සහභාගී විය.

නව නිර්මාණකරුවන් විසින් තම නිර්මාණයන්ගේ අවශ්‍යතාවය හා වාණිජ විභවය පිළිබඳව කරනු ලබන කෙටි ඉදිරිපත්කිරීමක්.

Microorganism Diverting and Clearing Device – වෛද්‍ය ශෂික ආරියරත්න මහතා.කෘතීම ශ්වසන ආධාරක යන්ත්‍ර සදහා භාවිතා කල හැකි ප්‍රාශ්වාස වාතයේ අඩංගු විශබීජ හරණය කරන උපකරණය වෛද්‍ය ශෂික ආරියරත්න මහතා විසින් නිර්මාණය කර ඇත. රෝගීන් කෘතීම ශ්වසන ආධාරක යන්ත්‍ර සදහා සම්බන්ධ කිරීමෙන් පසු රෝගීන්ගේ ප්‍රාශ්වාස වාතයේ අඩංගු විශබීජ හරණය කිරීම සදහා දියුණු තාක්ෂණික උපක්‍රම කිහිපයක්ම මේ සදහා භාවිතා කර ඇත.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්‍යමණ්ඩලය විශ්බීජවලට නිරාවරණය වීමෙන් සිදුවන රෝගී අවධානම අවමකිරීම සදහා භාවිතා කල හැකි මෙම සුවිශේෂී නව නිර්මාණය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියද ලබා ඇත.ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ අනුග්‍රහය මත ශ්‍රී ලාංකීය පේටන්ට් බලපත්‍රය ලබා, පරීක්ෂණ වාර්තා මගින් සාර්ථකත්වය තහවුරු කර ඇති මෙම නව නිර්මාණය වර්තමානයේ රජයේ රෝහල් හා විශ්වවිද්‍යාල කිහිපයක ඉදිරි වැඩිදියුණු කිරීම් සදහා තවදුරටත් අධ්‍යයනයන් ද සිදුකෙරෙමින් පවතී.

Video Laryngoscope – වෛද්‍ය අනූප හේරත් මහතා.අසාද්‍ය රෝගීන් සදහා කෘතිම ස්වසනය ලබාදීමේදී අත්‍යාවශ්‍යම සහ තීරනාත්මක ම පියවර පහසු කරවන “විඩියෝ ලැරින්ගස්කෝප්” උපකරණය නිර්වින්දනයේදී ශල්‍යකර්මයකට පෙර රෝගීන් නින්දට වැටීමේදී භාවිතා කරන වෛද්‍ය උපකරණයකි, මෙම උපකරණය උපයෝගී කර ගෙන රෝගියෙකුගේ ශ්වාසනාලයට (වාතාශ්‍රය නල) නලයක් තැබීමට පුළුවන. සාම්ප්‍රදායික ක්‍රම අභියෝගයට ලක් වූ දුෂ්කර අවස්ථාවන්හිදී මෙම උපකරණය බෙහෙවින් උපකාරී වේ. මෙය සමීපව සිටීමේ අවශ්‍යතාවයද අඩු කරයි. COVID 19 ආසාදිත හෝ සැකසහිත රෝගීන්ගේ ශල්‍යකර්ම සදහා මෙය ඉතා වැදගත් වේ.ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ තාක්ෂණික බිජෝෂණාගාර හරහා මෙම නව නිපෙයුම සංවර්ධනයකර ඇත

Microorganism Destroying & Air Filtering Unit – තුෂාන් කරුණාරත්න මහතා.වාතය මගින් පැතිරයන ක්ෂුද්‍ර අංශු හා ක්ෂුද්‍ර ජීවීන් හරණය හා පෙරණය කළහැකි නව වායු පිරිසිදු කරන උපකරණය තුෂාන් කරුණාරත්න මහතා විසින් සිදුකල සුවිශේෂී නව නිපැයුමකි . සංවෘත පරිසරයක පවතින විෂබීජ සහිත වාතය පිරිසිදු කිරීම, ආර්ද්‍රතාවය පාලනය කිරීම, නැවුම් වාතය ආරක්ෂිතව මිශ්‍ර කිරීම, සේවා අවශ්‍යතා සංඥා කිරීම වැනි සුවිශේෂී ගුණාංග වලින් සමන්විත මෙම නව නිර්මාණය වර්තමානයේ බද්දේගම දිස්ත්‍රික් රෝහලේ COVID රෝගීන් සදහා වූ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ස්ථාපනය කර ක්‍රියාත්මක වේ. වාට්ටු සංකීර්ණ සදහා පමණක් නොව ගෘහාශ්‍රිත භාවිතය හා පොදු ප්‍රවාහන සේවා සඳහාද භාවිත කල හැකි වන අයුරින් නිපදවා ඇති මෙම නව නිර්මාණය ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ උපකාර මත වැඩිදියුණු කර, තාක්ෂණික වාර්ථා ලබාගැනිමෙන් අනතුරුව වානිජකරණ මට්ටම දක්වා එළබ ඇත.

Smooth lateral patient transfer apparatus (Bed to Trolly) – ආචාර්ය පී. එම්. ටී. බණ්ඩාර මහතා.මෙම උපකරණය විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ කොඳු ඇට පෙළේ තුවාල ඇති රෝගීන් මාරු කිරීමේදී සිදුවිය හැකි තුවාල අවම කිරීම සඳහා ය. මෙම නිෂ්පාදනය සමඟ, පාර්ශ්විකව මාරු කරන රෝගීන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව අඩු වන අතර, එක් සෞඛ්‍ය සේවකයෙකුට පමණක් රෝගියා පහසු ලෙස මාරු කළ හැකිය. අද්විතීය ලෙස සැළසුම් කළ මෙම ඇඳ සමඟ ශල්‍යකර්මයකට භාජනය වූ රෝගියෙකුට ද රෝගියාගේ පිහිටීම වෙනස් නොකර ශල්‍යකර්‍ෂක ශාලාවේ ඇඳෙන් වාට්ටුවේ ඇඳට පහසුවෙන් මාරු කළ හැකිය. මාරු කිරීමේ ක්‍රියාවලිය ස්පර්ශ රහිත බැවින්, දැඩි සත්කාර ඒකක වල සිටින COVID-19 රෝගීන් සමඟ කටයුතු කිරීමේදී මෙම නිෂ්පාදනය විශේෂයෙන් ප්‍රයෝජනවත් විය හැකිය.නවනිපැයුම්කරුවන් හා ආයෝජකයින් අතර ව්‍යාපාරික හමුවක් මේ සමග පෙවෙත්විමට කටයුතු කරනු ඇත

Donation of SLIC funded invention under project- Fight Against COVID -19

-SEMI AUTOMATED TELEPRESENCE ROBOT to National Hospital for Respiratory Diseases, Welisara, Ragama-
The team of inventors consists Eng Sahan C. Ranasinghe,Eng. Anuruddha Tennakoon and Eng. Buddhika Marasinghe donated the invention Semi Automated Telepresence Robot to National Hospital for Respiratory Diseases, Welisara, Ragama which was funded by SLIC.
This is a Semi Automated Telepresence Robot for Indoor transportation for deliver meals, drugs, and garbage collection and for patient interview in covid-19 wards, suspect patients’ wards and during other necessary situations in hospitals. In addition to that, this is suitable for manufacturing plants, warehouses. This robot can be used as a remote control or run on automated guided path. But you can override anytime. It has obstacle detection sensors, mechanical dampers to avoid collision. Also most importantly it has a camera and display for Video conferencing facility to communicate with patients. Health care staff can monitor or interview the patients and get the feedback about their symptoms immediately with less exposursity of medical staff to covid-19 patients.

MoU signed between SLIC and Ministry of Education

For the first time in the history, a Memorandum of Understanding (MoU) signed between Sri Lanka Inventors Commission (SLIC) and Ministry of Education (MOE) for Creating an innovative culture among school students irrespective of their discipline by introducing a set of activities, competitions or any other suitable initiative to enhance the creativity.
The signing of this important MOU today, which opens a new chapter in the mutually beneficial collaborative relationship between the SLIC and MOE of two most important institutes in Sri Lanka. We hope that the MOU will help bring SLIC and MOE closer together and strengthen our partnership in cultivating innovative culture throughout the nation.