Sri Lanka Inventors Commission (SLIC) initiated the project “NIPAYUMAANI” with the collaboration of “Sasnaka Sansada” which is a volunteer student university group in terms of celebrating the World Science Day on 10th November during the science week this year.

“NIPAYUMAANI” a national innovation and invention promotion programme for creating Young Inventors Clubs in schools, tertiary education institutes and universities to promote innovation and share knowledge among student members of the clubs.

Idea incubator operating at the Sri Lanka Inventors Commission plays a vital role of converting innovative ideas of student inventors into marketable prototypes and an online knowledge sharing platform launched today on SLIC YouTube channel to act as a knowledge sharing platform for sharing knowledge about inventions, innovations and new technologies.

We welcome all interested parties to share expertise knowledge through the SLIC platform.

“නිපැයුමානි” සමඟ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම ජාතික විද්‍යා දිනය සමරයි

නොවැම්බර් මස 10 වන දිනට යෙදී ඇති ලෝක විද්‍යා දිනයට සමගාමීව මෙම වසරේ දී සංවිධානය කරනු ලබන ජාතික විද්‍යා දින සැමරුම් සතිය පාදක කර ගනිමින් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් “නිපැයුමානි” නමින් නවතම වැඩසටහනක් දියත් කිරීමට කටයුතු යොදා ඇත.

“නිපැයුමානි” බිහි වන්නේ කොමිසමේ මඟ පෙන්වීම මත, ලාබ නොලබන ස්වේච්ඡා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමූහයක් වන “සස්නක සංසදය” සහයෝගීතාවය මත ක්‍රියාවට නංවන ජාතික නවෝත්පාදන ප්‍රවර්ධන වැඩසටහනක් ලෙසිනි.

මෙහි දී දීපව්‍යාප්ත පාසල්, තෘතියික අධ්‍යාපන ආයතන හා විශ්වවිද්‍යාලයන් හි නව නිපැයුම් සමාජ ආරම්භ කරමින්, ඒ හරහා නවෝත්පාදන දැනුම හුවමාරු කර ගැනීම හා ඒවා ප්‍රවර්ධනය කිරීම ප්‍රධාන අරමුණයි.

නව නිපැයුම්කරුවන්ගේ නවෝත්පාදන අදහස්, වෙළෙඳපල ජයගත හැකි මූලාකෘතීන් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් “අදහස් බීජෞෂණාගාරයක්” (Idea Incubator) කොමිසම තුල පවත්වා ගන්නා අතරතුර, නව තාක්ෂණය හා දැනුම හුවමාරු කිරීමේ මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම සඳහා නවතම YouTube නාලිකාවක් ද අද දින හඳුන්වාදීමට කටයුතු යොදා ඇත.

නවෝත්පාදන විෂයය කෙරෙහි රුචිකත්වයක් ඇති ඕනෑම අයෙක් හට මෙම YouTube නාලිකාව විශිෂ්ට පිවිසුම් දොරටුවක් වනු ඇත.