IAFMSL

2016 අයවැය මගින් යෝජනා කර ඇති පරිදි, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය (MOSTR) විසින් ශ්‍රී ලංකාව සඳහා නවෝත්පාදන ඇක්සලරේටර් අරමුදල් යාන්ත්‍රණයක් (IAFM-SL) පිහිටුවා ඇත. එය කළමනාකරණය කර ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම (SLIC) විසිනි. ඒ අනුව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ (MOSTR ) මූලික අරමුණ වනුයේ ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ට ඔවුන්ගේ අදහස් වෙළඳපොළට ගෙන ඒමට සහාය වීම සහ ඔවුන්ගේ පර්යේෂණ රුපියල් බවට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකා පර්යේෂණයන්ට සහාය වීම සදහා නියෝජිත ආයතනය ලෙස කටයුතු කිරීමයි.

මේ අනුව( IAFM – SL) හරහා කරනු ලබන සෑම ආයෝජනයක්ම වාණිජමය සාර්ථකත්වය තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීමට අපේක්ෂා කෙරේ. ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය සහ පාරිසරික ගුණාත්මකභාවය යන ඉලක්ක ගත අංශවල තිරසාර බව සහතික කිරීම මෙමගින් අරමුණු කෙරේ.

අයදුම්පත්

මාර්ගෝපදේශය